කෑගල්ල දිස්ත්‍රික් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික උපදෙස් ලබා දීමේ අරමුණින් ව්‍යාපාර සායනයක් පසුගියදා කෑගල්ල නගර ශාලාවේ දී පැවැත්විණි. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපාර සායනය පැවැත්වුනු අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. AP/DMU-Kegalle