ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය, ඊයේ (04) උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත විය. දැනට මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවන කන්කසන්තුරේ පිහිටි ඛණිජතෙල් ගබඩා සංකීර්ණය, යාපනය ඛණිජතෙල් බෙදා හැරීම් මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් මෙහිදී අමාත්‍යතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක් විය.
යාපනයට ලඟා වූ ඔවුහු පළමුව යාපනයේ පිහිටි සී.පී.එස්.ටී.එල්. බෙදා හැරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළහ.
ඉන් අනතුරුව, කන්කසන්තුරේ පිහිටි ඛණිජතෙල් ගබඩා සංකීර්ණය වෙත පැමිණි අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය විසින් අවශ්‍ය පරිදි නවීකරණය කොට උපරිම ඵලදායීතාවක් සහිතව යළි භාවිතයට එක් කළ හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු කරනු ලැබූහ.
දැනට භාවිතයට නොගන්නා එම ටැංකි යළි පිළිසකර කිරීම තුළින් දේශීය ඛණිජතෙල් ගබඩා පරිමාව ඉහළ නැංවිය හැකි බව ද එමගින් අභ්‍යන්තර ප්‍රවාහන වියදම් අවම කරමින් එහි සිට තදාසන්න ප්‍රදේශ වෙත ඛණිජතෙල් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් පණ ගැන්විය හැකි බව ද මෙහිදී අදහස් දැක්වූ නිලධාරීන් විසින් අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා දැනුවත් කරනු ලැබීය.
ඉන් අනතුරුව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිනිය, දැනට අබලන්ව ඇති කන්කසන්තුරේ වරායේ සිට ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ නල පද්ධතිය නිරීක්ෂණය කිරීමට සහභාගී වූහ. යුද්ධය හේතුවෙන් අඩාල වූ එම නල පද්ධතිය යළි පිළිසකර කිරීමේ අවශ්‍යතාව මෙහිදී අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය විසින් අවධාරණය කරනු ලැබූහ.
යාපනයේ පිහිටි ඛණිජතෙල් සංස්ථා ප්‍රාදේශීය කාර්යාලයේ දී සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවට, අමාත්‍යතුමා සහ අමාත්‍යතුමිය සහභාගී වූහ. එම ප්‍රාදේශයේ ඛණිජතෙල් ඛෙදා හැරීම, පාරිභෝජන ධාරිතාව ඇතුළු දැනට පවතින තත්ත්වය පිළිබඳ මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙම සංචාරයට අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය, ඛණිජතෙල් සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් ආයතන දෙකේ සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීව සිටියහ.
SDF