කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩමුළුව පැවැත්වූ අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක මහේන්ද්‍ර ජගත් මහතා විසින් දිස්ත්‍රික් ආපදා සැළැස්ම හා ආපදා පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කරනු ලැබීය.
මෙහි දී ආපදා කළමනාකරණයේ දී මාධ්‍යවේදියාගේ කාර්යභාරය යන මැයෙන් ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුයේ අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා විසිනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.
AP/DMU-Kegalle