නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ආර්ථීක හා සාමාජීය සංවර්ධන මෙහෙයුමක් ආරම්භ කරනවා - සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 04, 2015

    2016 වසරේ සිට ආර්ථීක හා සාමාජීය සංවර්ධන මෙහෙයුමක් රජය ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා පවසයි.

     

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ බේරුවල රුපියල් මිලියන 150 ක වියදමින් ඉදිකිරිමට යෝජිත ජල තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පසුගියදා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

     

    “වත්මන් රජය වැඩ පටන් අරගෙන නැහැ කියලා සමහරු චෝදනා කරනවා. සංවර්ධන ව්‍යාපෘති නතර කළා කියලා චෝදනා කරනවා. දැන් රජය වැඩ පටන් අරගෙන නව ජනාධිපතිවරයා යටතේ 2016 වසරේ දී ආර්ථීක හා සාමාජීය සංවර්ධන මෙහෙයුමක් ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංස්කෘතියේ සංවර්ධනයත් එක් අංශයක් පමණයි.

     

    බේරුවල ආසනයේ පානීය ජල ප‍්‍රශ්නය උග‍්‍ර ගැටළුවක් වී තිබුනා. පසුගිය රජය සමයේ මිලියන 317 ක් වැය කරලා පළමුව පවුල් 19,000 කට පානීය ජලය ලබාදුන්නා. දෙවන අදියරේ දී පවුල් 15,000 කට පානීය ජලය ලබාදෙනවා. ඉතිරිවන පවුල් සඳහා තුන්වන අදියර ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි.

     

    දැන් ජාතික රජයක් පළමුවරට පිහිටුවා තිබෙනවා. අපේ රජයට විදෙස් ආයෝජන, ආධාර දැන් ලැබෙනවා. මෙම ජල ව්‍යාපෘතිය සඳහා ජපාන රජය සහ ජයිකා අන්තර් ජාතික ව්‍යාපෘතිය අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සුහදතාවය වර්ධනය කිරීමට එය රැකුළක් වේවි.” යැයිද ප‍්‍රකාශ කරන ලදී.

     

    මෙම අවස්ථාවට නාගරික සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් සහ ජපාන තානාපති කාර්යාල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya