අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා මතුගම සී.පී.කේ උත්සව ශලාවේ පැවැති “ගජසවි මිතුරෝ” සංවිධානය විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවයක් සඳහා සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“රැකියා සඳහා බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව වන්නේ අවුරුදු 30-35 ත් අතරයි. ඇතැම් පිරිස්වලට රැකියා ලබාදීමේ වයස් සීමා ප‍්‍රශ්නය මත ඔවුන් ශ‍්‍රම බලකායට බඳවා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඇතැම් පාක්ෂිකයින් කළකිරීමට පත්වන්නෙත් එම නිසාය. ජනතාවට වාසි සහගත අයුරින් තීන්දු තීරණ ගත යුතුයි. මේ සඳහා දේශපාලන අවබෝධය ඉතාම වැදගත්.
“අග‍්‍රාමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව කථා කරන්න පුළුවන්. පක්ෂයක් ගොඩගන්න පුළුවන් පිරිසක් නැතිනම් එම පක්ෂ විනාශයට පත්වෙනවා. එම නිසා වෙන්නේ සතුරාගෙන් පළිගන්න වෙන අයට ඡන්දය දෙන්න ජනතාවට සිදුවීමයි. මේ සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක නොකළ හොත් එක් පුද්ගලයෙකු නිසා පක්ෂය විනාශ වෙනවා. මුදල් තිබෙන පුද්ගලයන්ට ගරුත්වය ගන්න පුළුවන් රැකියාව තමයි දේශපාලනය. සුදුසුකම් නොමැති එකම රස්සාවත් මෙයයි. පගා දීලත් දේශපානඥයෙකු වෙන්න පුළුවන්. නමුත් එමගින් පීඩා විදින්නේ පක්ෂය වෙනුවෙන් සිටින ජනතාවයි.
“ඇතැම් පිරිස් තනතුරු ලාභ මත වැඩ කරනවා. තවත් කොටසක් රටට වැඩ කරනවා. මම ඉන්නේ රටට වැඩ කරන කොටසේ. මම මේ වනවිට රැකියා 5000 ක් විතර ලබාදී තිබෙනවා. කළුතර දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ජනවාරි 08 ලැබු ජයග‍්‍රහණය අඛණ්ඩව රැකගැනීම අවශ්‍යයයි. ”