නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගදීප විහාරයේ කඨින පිංකමට නාවික හමුදා සහාය

    නොවැම්බර් 05, 2015
    යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් පසුගිය දින දෙකක් පුරා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 
     
    නාගදීප විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම කඨින පිංකම සඳහා නාගදීප විහාරයේ දිගු කාලීන දායකයකු මෙන්ම එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගි විය. 
     
    මෙම අවස්ථාවට හිටපු නාවික හමුදාපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් (විශ්‍රාමික ) දයා සඳගිරි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහත්වරු ඇතුළු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් ද එක්විය.  
     
    නාගදීප විහාරය වෙනුවෙන් සුවිශාල සේවාවක් සිදු කළ අතිපූජ්‍ය බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති නාහිමියන් අනුස්මරණය කිරීම වෙනුවෙන්, වන්දනාකරුවන්ගේ පහසුව සඳහා නාගදීප විහාරය හා ත්‍රිපිටක මහා සෑය පිහිටි බුද්ධ වලව්ව රජ මහා විහාරය යාකරමින් සකස් කළ “විහාර මාවත”  විවෘත කිරීම ද නාවික හමුදාපතිතුමන් විසින් සිදු කෙරිණි. එහි නේවාසික භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා නාවික හමුදාව විසින් ඉදිකළ සංඝාවාසය ද උතුරු නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් සඟසතු කොට පූජා කරන ලදී. මෙහිදී නාගදීප පූජා භූමියේ ඉදිකෙරෙන අභය මුද්‍රාව සහිත 32 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල තැබීම ද සිදුකෙරිණි. 
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya