නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මතින් නිදහස් රටක්" මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් කොළඹදී

    ඔක්තෝබර් 31, 2015
     
    “මතින් නිදහස් රටක්” ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව  කොළඹ දිස්ත්‍රික් මත් ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙහි දී ජනාධිපති මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා විසින් මෙම වැඩසටහන පිළිබදව දීර්ඝ  පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
     
    මේ සදහා සියළුම ප්‍රාදේශීය ලේකම්වරු ,ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, විශ්වවිද්‍යාල ළමා රක්ෂක අධිකාරිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් සහභාගී වී සිටියහ.
     
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya