ඒ මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ පසුගියදා පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
මෙහිදී පශු සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් පශු වෛද්‍ය එස්. ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කර සිටියේ ව්‍යාපෘති වලට ගොවීන් තෝරා ගෙන ඇති බවය. දෙනුන් 80 ක් ලියාපදිංචි කර පැටවුන් සදහා වසරකට කිලෝ ග්‍රෑම් 5 බැගින් ආහාර දිමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත් මේ වන විට සතුන් 25 ක් ලියාපදිංචි කර ඇති බවත් පැවසුවාය.
පොල් වගාව සංවර්ධනය සදහා කුඩා පොල් ඉඩම් වල නව පැල රෝපනයට රු35000 ක මුදලක් ලබා දෙන බවත් ගෙවතු වැඩසටහන 2015 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නොවූවද පීදෙන පොල් පැල 2000 ක් සීතාවක සහ පාදුක්ක
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල බෙදා දී ඇති බවත් පොල් වගාව සම්බන්ධයෙන් අදහස් දැක්වු පොල් සංවර්ධන නිලධාරී
ඩබ්.ඒ.ජේ විජේසූරිය මහතා පැවසීය .
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පර්යේෂක ඩී.ලක්මාල් ගමගේ අදහස් දක්වමින් කියා සිටියේ 2016 වසරට ප්‍රතිපාදන වෙන් වී ඇති හෙ.16 ක් සීතාවක පාදුක්ක හෝමාගම කොට්ඨාශ වලට ඇති බවයි. රජයේ සහනාධාර තේ මිල පිළිබද ගැටලු ඇති බවත් ඊට හේතුව කොළඹ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් 1100 ක් පමණ සිටින නමුත් මොවුන් පූර්ණ කාලීන ගොවීන් නොවන නිසා හා කම්කරු ශ්‍රමය ආදී ගැටළු හේතුවෙන් රජයේ සහනාධාර තේ මිල ලබා දීම පිළිබද ගැටලුවක් ඇති බවත් ය.
AP/DMU-Colombo