නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටුව රැස්වේ

    ඔක්තෝබර් 31, 2015
     
    කොළඹ දිස්ත්‍රික් කෘෂි කර්ම කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. 
    නගර සැලසුම් ව්‍යාපෘතිය පිළිබදව මෙහිදී අවධානය යොමු කරන ලදී. මෙහිදී ඉඩම් විශේෂඥ ඒ වෙදමුල්ල මහතා අදහස් දක්වමින් කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිතියම් සකස් කර  ඇති බවත් එහි ඇතුලත් රජයේ ඉඩම් වලට අමතරව රජයේ ඉඩම් ඇත්නම් සිතියම් වල ඇතුලත් කිරීම සදහා  ඒ පිළිබද තොරතුරු 
    ලබා දෙන ලෙසත් ය.
     
    මේ තොරතුරු ලබා ගැනීම සදහා මිනින්දෝරු අධිකාරියේ සහය ලබා ගැනීම වැදගත් බව ප්‍රාදේශීය ලේකම්වරු පැවසුහ.ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිතියම් සකස් කර එහි රජයේ ඉඩම් නිසි ආකාරයෙන් ලකුණු කර ගැනීම අවශ්‍ය බවත් මිනින්දෝරු අධිකාරිය සමග ඒ පිළිබදව සාකච්ඡා කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    මාස දෙකක් ඇතුලත බොරලැස්ගමුව වැවෙහි අපවිත්‍ර වූ කොටස් පිරිසිදු කිරීමට කටයුතු කරන බව මෙහිදී  වාරිමාර්ග අධ්‍යක්ෂ ජී.කේ.එල් පද්මකීර්ති මහතා සදහන් කළේය.
    කොලොන්නාව හුංගන්වලදෙනිය ඇල මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු මේ සතියේ ආරම්භ කිරීමට නියමිත වුවද අස්වනු නෙලා ගන්නා තෙක් එම කටයුතු සති දෙකක් පමණ ප්‍රමාද කරන ලෙස ගොවීන් ඉල්ලීම් කර ඇති බවත් මෙම ඇලෙහි ගිය වසරේ සකස් කල කොටස සේදී ගොස් ගොඩ වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.
     
    කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ඒ.යූ.කේ දොඩන්වල මහත්මිය අදහස් දක්වමින් මෙම කුඹුරු යායේ අනෙක් පස ඇති නිවාස සංකීර්ණයේ කල්දෝරු පද්ධතියේ ජලය හුංගන්නවලදෙනිය ඇලට මුදා හැරීම ගොවීන්ට ගැටලුවක් වී ඇති බව අනාවරණය කරන ලදී.මෙම ඇල මාර්ග සකස් කර දීමට ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එකග වූ බව ගොවිජන සේවා සහකාරකොමසාරිස්වරයා විසින් දන්වන ලදී.
     
    වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ 2015 වසරේ ක්‍රියාත්මක වැඩසටහන් වන තලංගම වැව, බොරලැස්ගමුව වැව,හෙට්ටිගේ ඔය යන ව්‍යාපෘතින් සහ කැළණි ගග ගං වතුර ආරක්ෂණ ව්‍යාපෘතිය පිළිබදවද ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු ඩබ්.පී.සුදර්ශනී මහත්මිය කරුණු දැක්වීය.බොරලැස්ගමුව වැවේ වම් ඉවුරේ කැනල් ලයිනින් එක මාසයක් ඇතුලත අවසන් කරන බවත් හෙට්ටිගේ ඔය වෘපාතිය යටතේ ක්‍රියාත්මක හල්වක්කඩ කැනල් ලයින් එක සතියක් තුල අවසන් කරන බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය. හෙට්ටිගේ ඔය ව්‍යාපෘතිය සදහා මිලියන 9 ක් වෙන් කර ඇත.
     
    AP/DMU-Colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya