ඒ අනුව නිසි ප්‍රමිතියකින් යුත් හදිසි ප්‍රතිකාර සේවාවන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ සහ පුහුණු කාර්ය මණ්ඩලය සහිතව අවශ්‍ය යටිතල පහසුකම් වසර 06ක් තුළ එම රෝහල් සඳහා සැපයීම සිදු කෙරෙනු ඇත.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 9,525ක ප්‍රතිපාදන සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
දිවයින පුරා පැතිර ඇති වෛද්‍ය ආයතන 1000කට වැඩි ප්‍රමාණයක් මඟින් රජයේ වෛද්‍ය ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වෙමින් පවතී. රෝගීන් සඳහා මූලික හදිසි ප්‍රතිකාර සේවාවන් ලබා දීම 1988 දී ආරම්භ කරන ලද අතර එහි වඩාත් දියුණු සත්කාර සේවාවේ ආකෘතියක් වන ප්‍රාථමික සත්කාර ඒකක පිහිටුවීම 1998 දී ආරම්භ කරන ලදී.
වාර්ෂිකව රජයේ රෝහල්වලට ඇතුළත් කෙරෙන මිලියන හයක් (06) පමණ වන රෝගීන්ගෙන් 80% ක් ම හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වේ. තවද මාර්ග අනතුරු හේතුවෙන් රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී තිබේ. මේ ආකාරයෙන් හදිසි ප්‍රතිකාර අවශ්‍යතාවන් ද විශේෂයෙන් වැඩිහිටි ජනගහනය වැඩි වීම හේතුවෙන් ද බොහෝ සේ වැඩි වී ඇත.