ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය හා ශාසනාරක්ෂක බල මණ්ඩල 18 ක ප්‍රාදේශීය සිසු නිපුනතා ඇගයීම් වලින් ප්‍රථම ස්ථානය ලැබු දහම් පාසල් දරුවන් 640 කින් දිස්ත්‍රික් සිසු නිපුනතා ඇගයීම් වලින් ප්‍රථම ස්ථාන ලබන දරුවන් 36 ක් දෙසැම්බර් මස පැවැත්වෙන සමස්ථ ලංකා සිසු නිපුනතා වැඩ සටහනට සුදුසුකම් ලබති.
ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව මෙම සිසු නිපුනතා වැඩ සටහන සංවිධානය කර ඇත.
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලමිටියාවේ කුසල ධම්මාභිදාන නායක හිමිපාණන් හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු සංවිධායක මණ්ඩලය මෙම අගැයීම් ක්‍රියාවලිය මෙහෙයවයි.
AP/DMU-Gampha