ඒ අනුව, එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 25දා අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ දී ද, 28දා මහඔය කැප්පෙටිපොළ විදුහල් ශ්‍රවණාගාරයේ දී ද, 29දා පදියතලාව ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී ද, 31දා දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේ දී සහ නොවැම්බර් 04දා ලාහුගල උල්ල සිංහල මහා විද්‍යාලයේ දී ද මෙම සම්මන්ත්රණයන් පැවැත්වේ.
දයා සරණ සංවර්ධන පදනම, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්ම මහත්මීන්ගේ පුද්ගලික අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන සමාජ සුභසාධන සංවිධානයකි.
මෙලෙස සාමාන්‍ය පෙළ සම්මන්ත්රණ මාලාව සංවිධාන කෙරෙන්නේ, අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්ම ඇතුළු විවිධ අංශයන්ගේ තත්ත්වයන් උසස් කිරීම වෙනුවෙන් දයා සරණ සංවර්ධන පදනම මගින් අනුග්‍රාහ කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙසය.