නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංඛ්‍යාන දිනය සමරා නුවරඑළිය දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත ජනගත කෙරේ

    ඔක්තෝබර් 21, 2015

    ලෝක සංඛ්‍යාන දිනය සමරා නුවරඑළිය දිස්ත්‍රික් සංඛ්‍යාන අත්පොත ජනගත කිරීම සහ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (20) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  දී පැවැත්විණි.

    නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මහතා සහ දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛනඥ කේ.බී. විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැති මෙම උත්සවයේ දී දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛන අංශය මගින් සකස්කළ සංඛ්‍යාන අත්පොත ජනගත කරමින් මාධ්‍යවේදින් වෙත පිළිගැන්වීම සිදුකෙරිණි.

     

    එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල විසින් 2010 වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 වන දින ලෝක සංඛ්‍යාන දිනය ලෙස නම් කරන ලදී. එම වසරේ පළමු ලෝක සංඛ්‍යාන දිනය සමරන ලද රටවල් අතරට ශ්‍රි ලංකාව ද එක්විය. වසර පහකට සැරයක් මෙම දිනය සැමරීම සිදුකරයි. ‘ නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක් ‘ යන්න මෙවර ලෝක සංඛ්‍යාන දිනයේ තේමාව වේ.

     

    මෙම අවස්ථාවට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    SDF/dmu_Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya