නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායක සහ ඇමති දයා, සම්බෝධි මහා විහාර සෑ ගැබෙහි කරඬුව නිධන් කරති

    ඔක්තෝබර් 21, 2015

    කොළඹ, සම්බෝධි මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතූ කරඬුව නිධන් කිරීමේ, කොත තැන්පත් කිරීමේ හා හතරැස් කොටුවේ ධාතූ නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය, ත්‍රෛනිකායික මහාසංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ද කතානායක කරු ජයසූරිය හා අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ද අද (21) පෙරවැවේ පැවැත්විණි.

    මහා සංඝරත්නයේ ආශීර්වාදය සහ සෙත් පිරිත් සංගායනාව මධ්‍යයේ කතානායක කරූ ජයසූරිය මහතා විසින් ධාතූන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කරනු ලැබීය.

     

    චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පළමු මල් පූජාව සිදු කරනු ලැබූයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසිනි.

     

    වැඩම කොට වදාළ මහා සංඝරත්නය වෙත හීල් දානය පිරිනැමීම ද මෙහිදී සිදු විය.

     

    මෙම අවස්ථාවට සම්බෝධි මහා විහාරයේ, විහාරාධිපති පූජ්‍ය ධරණාගම කුලසධම්ම නා හිමියන්ගේ ආරාධනය අනුව මහාසංඝරත්නය, ත්‍රිවිද හමුදාපතිවරුන්, හිටපු හමුදා ප්‍රධානීන් ඇතුළු දායකදායිකාවන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya