මෙලෙස කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස්කළ පළමු අවස්ථාව මෙය වන අතර නව රජය බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ කර්මාන්ත ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව සකස්කර ඇත.
මුදල් අමාත්‍යාංශය, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය, විද්‍යා - තාක්ෂණික හා පර්යේෂණ අමාත්‍යාංශය , පරිසර අමාත්‍යාංශය, මහ බැංකුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රාජ්‍ය හා පුද්ගලික බැංකු, GIZ ආයතනය වැනි රාජ්‍ය හා පුද්ගලික ආයතන රැසකගේ ඍජු දායකත්වය මේ සඳහා ලබාගෙන ඇත. හිතකර ව්‍යාපාරික පරිසරයක් සකස් කිරීම, නවීන තාක්ෂණය භාවිතය, කුසලතා සංවර්ධනය, මූල්‍ය පහසුකම් ලබාගැනීම, වෙළඳපොළ පහසුකම් ලබාගැනීම, නව පරීක්ෂණ හා සංවර්ධන කටයුතු සිදුකිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් යොදා ගැනීම හා ප්‍රාදේශීය සමබරතාව යන ප්‍රධාන ක්ෂේත්‍ර 8ක් ආවරණය වන පරිදි මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව සකස්කර ඇත.
අග්‍රාමාත්‍යතුමාගේ ජේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් T.M.K.B. තෙන්නකෝන් මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පසුගියදා මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුව එළි දැක්වූ අතර එම ප්‍රතිපත්ති රාමුව ක්‍රියාවට නැංවීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීම සඳහා මූලික සාකච්ඡාවක් ද එදින සිදුකරන ලදී. එහිදී ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා වැඩ කණ්ඩායමක් (working group) පිහිට වූ අතර ඔවුන් විසින් සකස්කරනු ලබන ජාතික ප්‍රතිපත්ති රාමුවේ ක්‍රියාකාරී සැලැස්ම ලබන වර්ෂයේදී ක්‍රියාවට නැංවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකයේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට හිමිවන සුවිශේෂී ස්ථානය සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය නඟාසිටුවීමේ අරමුණින් මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් T.M.K.B. තෙන්නකෝන් මහතා පැවසීය.
ලංකාවේ මුළු කර්මාන්ත ප්‍රමාණයෙන් 75% ක්ම කුඩා හා මධ්‍ය පරිමාණ තර්මාන්ත වන අතර සමස්ථ රැකියා අවස්ථාවන්ගෙන් 45% ක් සපුරා දෙමින් දළ දේශීය නිෂ්පාදනයෙන් 52% ක දායකත්වයක්ද ලබා දෙයි. එබැවින් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය හදුන්වා දිය හැකිය.