රුපියල් මිලියන 58ක වියදමෙන් ඉදිකෙරුණු හෝමාගම සති පොළ ජනතා අයිතියට පත්කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සියලු පහසුකම්වලින් සමන්විත හෝමාගම නව සතිපොළ හේතුවෙන් ප්‍රදේශයේ ගම් රැසක ජනතාවට සෙත සැලසේ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල, පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.