නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මතින් නිදහස් රටක්” රත්නපුර ජාතික වැඩසටහන 23 දා

    ඔක්තෝබර් 19, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ දියත් කරනු ලබන ‘මතින් නිදහස් රටක්’ ජාතික වැඩසටහ‍න යටතේ වු රත්නපුර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පිහිටුවීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි 23 වැනි දා පෙ.ව.9.30 ට සිදු කෙරේ.
    ‘මතින් තොර රුවන්පුරයක් ගොඩනගමු’ යන තේමාව යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
    මෙම රත්නපුර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය කමිටුව පිහිටුවිමේ  වැඩසටහනට අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම ,සහකාර දිස්ත්‍රික් ලේකම් බි.එච්.එස්.ධනවර්ධන, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරීන්, අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද රාජ්‍ය නොවන ආයතනවල දිස්ත්‍රික් නිලධාරීන්ද ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වන බව අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී      ඒ. නිලානි රේණුකා මෙනවිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya