ශ්රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල විසින් මුලතිව් දිසා රෝහල හා මුලතිව් ලේ බැංකුව සමග එක්ව ලේ දන්දීමේ කඳවුරක් පසුගිය දින පූනෑව පිහිටි ශ්රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ දී පැවැත්විය.
උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ කඳවුරට නාවික පුද්ගලයන් 409 දෙනෙකු ස්වේච්ජාවෙන් ලේ ලබාදීමට ඉදිරිපත් විය.
DB