මේ සම්බන්ධව අදහස් දක්වමින් අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය වැඩමුළුවේ දී ඒ මහතා ප්‍රකාශ කළේ ළමා ශ්‍රමය පිටු දැකීම සම්බන්ධ ප්‍රකාශය යථාර්ථයක් කිරීම සඳහා සැලසුමක් සකස් කළ යුතු බවයි.
ඒ සඳහා ළමා ආරක්ෂණ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තිබිය යුතු අතර මීට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතනවලින් සමන්විතව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවක් පිහිටුවීම කළ යුතු බව ඒ මහතා පැවසීය.
ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය සංකීර්ණ බැවින් ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් ඇති කිරීම, ළමුන්ගේ ආරක්ෂාව හා පෝෂණය තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ළමා සංවර්ධන සැලසුමක අවශ්‍යතාවය ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
DMU_Colombo