බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දී පළතුරු පැළ 50 ක් සිටුවීම හා පවුල් 10 ක් සදහා කුකුළු පැටවුන් 100 ක් බෙදා දීම ද සිදු කෙරිණි.
මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව මහරගම කිඹුලාවල වී ආදර්ශ ගොවිපල මහ කන්නයට වගා කිරීම සඳහා අක්කර 55 ක පමණ කුඹුරුයාය බිම් සකස් කිරීමේ සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා ගේ මගපෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී.ජී.එස්.රත්නපාල මහත්මිය ඇතුලු ගොවීන් සහ රජයේ නිලධාරින් ගේ සහභාගිත්වයෙන් පාරම්පරික සිරිත් විරිත් අනුව පැවැත්වුණ් මෙම වප් මගුල් උළෙල දියවන්නනාවේ කිඹුලාවල ගොවි සුබ සාධක සංගමය විසින් සංවිධානය කර තිබුණි.
පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ සංවිධානය මඟින් කහවනු හා කොට්ටියාරන් පාරම්පරික වී වර්ග බුසල බැගින් ගොවීන්ට බෙදා දීමද සංකේතාත්මකව සිදු විය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.