මේ වන විට දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකික ශ‍්‍රමිකයන් 28,000 ක් පමණ සේවය කරන අතර මේ වසරේ පසුගිය මාස 9 තුළ රැකියා සඳහා එරටට ශ‍්‍රී ලාංකිකයන් 5,599 දෙනෙකු පිටව ගොස් තිබේ. මේ අතර 2014 වර්ෂයේ පැවති 12 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට 14,000ක් අයදුම්කරුවන් පෙනී සිටි අතර , ඉන් 1,013 දෙනෙක් සමත් වූහ.
2015 වර්ෂයේ පැවති 13 වන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට 2,221 අයදුම්කරුවන් පෙනී සිටි අතර , ඉන් 1,201 දෙනෙක් සමත් වූහ. 2014 දී කොරියාවේ රැකියා සඳහා 6,684 ක් පිටව ගොස් තිබේ.