නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සමගාමීව ගෙවතු වගා උපකරණ කට්ටල බෙදා දේ

    ඔක්තෝබර් 07, 2015
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදන වැඩසටහන හිටපු කෘෂිකර්ම අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර කොටවිල නුගගහවත්තේ දී පැවැත්විණි.
    මෙහි දී ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සදහා උපකරණ කට්ටල බෙදා දීම ද සිදු කරන ලදි. ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් වශයෙන් පළතුරු පැළ රෝපණය, කාබනික පොහොර නිෂ්පාදන ආදර්ශනය සහ වානිජ පළතුරු වගා නිරීක්ෂණ චාරිකාවක නිරත වීම ද සිදු කෙරිණි.
     
    වස විස නැති දේශීය ආහාර හදුන්වාදීම සදහා ගොවි කාන්තාවන්ට අවස්ථාව ලබා දීමක් ද මෙහිදී සිදු කෙරිණිමාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව හා කෘෂිකර්මාන්තයට සම්බන්ධ අනෙකුත් ආයතන සම්බන්ධ කර ගැනේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya