නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතදුම්බර රජයේ රෝහලට විශ්‍රාමිකයන්ගෙන් භාණ්ඩ පරිත්‍යාගයක්

    ඔක්තෝබර් 07, 2015
     
    රාජ්‍ය සේවක විශ්‍රාම භාර අරමුදලේ මහනුවර සංගමය මගින් පාතදුම්බර රජයේ දිස්ත්‍රික් රෝහල සදහා  භාණ්ඩ පරිත්‍යාග කිරීමක්  පසුගියදා සිදු කෙරිණි.
    ඔක්තෝම්බර් 08  වෙනි දිනට යෙදෙන ජාතික විශ්‍රාම  දිනයට සමගාමීව  මෙම භාණ්ඩ ප්‍රදානය සිදු කෙරිණි. රුධිර  පීඩනය මැනීම සදහා වන යන්ත්‍රයක්, රෝගීන් සදහා අවශ්‍ය වන කොට්ට, ඇද ඇතිරිලි,  පිගන් කෝප්ප ඇතුළු භාණ්ඩ වර්ග රැසක්  විශ්‍රාමික භාර අරමුදලේ නියෝජිතයින් විසින්  පාතදුම්බර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි  උපුල් කුරුකුලසුරිය මහතා  
    ඇතුළු කාර්ය මණ්ඩලය වෙත බාරදෙන ලදී.  
     
    මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්  ඩබ්ලිව් ඒ ආර්. විමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  මෙම උත්සවය සදහා  පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් සුජාතා විජේසිංහ මහත්මිය  ඇතුළු  රාජ්‍ය සේවක විශ්‍රාම අරමුදලේ  මහනුවර දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු  විශාල පිරිසක්  මෙම අවස්ථාවට සහභාගි විය. 
     
    AP/DMU-Kandy
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya