ඒ මහතා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් දඹුල්ල පැල්වෙහෙර ගොවිපළේ නිරික්ෂණ චාරිකාවට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසිය.
"කෘෂිකර්ම අමාත්‍යංශය තුළින් මේ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් සිදු කරන්න පුළුවන්.දඹූල්ල වැනි කෘෂිකාර්මික ප්‍රදේශයක් තුළ අපිට කළ හැකි වැඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා.ගොවි ජනතාවගේ අතමිට සරු කරන යුගයක් අපි ඇති කරන්න කටයුතු කරනවා.වර්තමානයේ විවිධ බාල බිජ පැළ ගොවියාට ලබා දිම තුළින් ඔවුන් අසරණ තත්වයට පත්ව සිටිනවා.මේ තත්වය නැතිවිය යුතුයි.දඹූල්ල ප්‍රදේශයේ විශාල වශයෙන් ලොකු ලුනු වගාව සිදු කරනවා.මේ සදහා අවශ්‍ය බිජ නිෂ්පාදනය සදහා අවශ්‍ය සුදුසුම බිම් ප්‍රමාණය තියෙන්නේ මේ ප්‍රදේශයේ. එහි යම් අක්‍රමිකතාවක් මේ වන විට වෙලා තිබෙනවා.මේ අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදි ඒ සදහා ගතහැකි සැම පියවරක්ම ගන්න අපි පසුබට වන්නේ නැහැ. අපේ රට සහලින් මෙන්න අනෙක් බෝගවලින්ද ස්වංපෝෂණය කිරිම අපේ අරමුණයි.
රසායනික පොහොර භාවිතය අඩුකර කාබනික පොහොර සදහා ගොවින් යොමු කිරිමේ වැඩපිළිවෙළක් දියත් කිරිමට පියවර ගෙන ඇතත් ඒ සදහා විවිධ අභියෝග රැසක් එල්ල වෙමින් පවතිනවා.නමුත් කිසි විටෙක ගොවි ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.වත්මන් රජය රටේ කෘෂිකර්මය දියුණු කිරිමට ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන" බවද අලුවිහාරේ මහතා පැවසිය.
AP/DMU-Matale