නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නද්ධ හමුදාවන් යටතේ පැවති තවත් ඉඩම් අක්කර 613ක් මුල් අයිතිකරුවන් වෙත

    ඔක්තෝබර් 06, 2015
    කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි යුද සමයේ ආරක්ෂක අවශ්‍යතාවයන් සඳහා සන්නද්ධ හමුදාවන් යටතේ පැවති තවත් ඉඩම් අක්කර 613ක් නව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව මුල් ඉඩම් හිමිකරුවන් සහ අවතැන් වූ ජනතාව වෙත ලබාදීම ඊයේ (05) කිලිනොච්චිහි වඩමාරච්චි ප්‍රදේශයේ පැවති ජාතික වැපිරීම් සහ කෘෂිකාර්මික උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    මුලතිව් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයන් යටතේ ත්‍රස්තවාදයට එරෙහි පසුගිය මානුෂිය මෙහෙයුමට පෙර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 474ක් සහ මුලතිව් දිස්ත්‍රක්කයේ ඉඩම් අක්කර 139ක් වශයෙන් ඉඩම් අක්කර 613ක් ආරක්ෂක රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාව යටතේ පැවතුණි. 
     
    මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ධුරයට පත්වීමත් සමඟම මෙම වසරේ ජනවාරි මස උතුරේ සංචාරය කළ අවස්ථාවේ තවත් ඉඩම් අක්කර 1000ක් සිවිල් වැසියන් අතට පත් කරනු ලැබීය.
     
    මෙම ජාතික උත්සවය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ ප්‍රධාන අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආරක්ෂක ලේකම්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිරුන් සමගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya