නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චිය - යාපනය දිස්ත්‍රික්කවල අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

    ඔක්තෝබර් 06, 2015

    යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් දෙකෙහි අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැත්විණි.

    ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන ඒවාහි වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන් උනන්දු කිරීම, වගා කරන බෝග වලට ඉහළ මිලක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කිරීම හා එම නිෂ්පාදනයන් වෙනුවෙන් අගය එකතු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

     

    මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ අමාත්‍යතුමා කියා සිටියේ, පුද්ගලික අංශයට වැඩි අනුග්‍රහයක් ලබා දෙමින් හා උනන්දුවක් ඇති කරමින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍ය සහාය රජයක් ලෙස ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

     

    ඒ අනුව, රජයට සමගාමීව පුද්ගලික අංශයේ ද රැකියා උත්පාදනය වීම ආරම්භ වන බවත් ඒ හරහා රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ අරමුණ දිනා ගත හැකි බව ද එතුමා සිහිපත් කළේය.

     

    මෙම අවස්ථාවට යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් දෙකෙහි දිසාපතිවරුන් ප්‍රමුඛ රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya