එමෙන්ම අද ළමා අපචාර සිද්ධීන් දිනෙන් දින වැඩි වෙනවා.මෙය වර්තමාන ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඊටත් වඩා අපට නොපෙනෙන ප්‍රශ්ණයක් තමයි ළමයින් ගේ ශ්‍රමය සූරා ගෙන කෑම. ලෝක ළමා ප්‍රඥප්තියේ සදහන් වනවා අවුරුදු 14 ට වඩා අඩු ළමයින් සේවයේ යොදවා ගැනීම තහනම් බව.මෙම තත්ත්වය අපේ රටේ බහුලව තිබෙනවා.එම තත්ත්වයෙන් මුදවා ගැනීම වැඩිහිටියන් වන අපේ යුතුකමක් වෙනවා ” යැයි ද සුනිල් කන්නංගර මහතා තවදුරටත් පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවති කම්කරු දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් පැවති ළමා ශ්‍රමය පිටු දැකීමේ වැඩසටහනේදී ය.
ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ “මෙම ළමා ශ්‍රමය පිළිබද නියමු වැඩසටහන ආරම්භ කළේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්. එම ව්‍යාපෘතියට මම උදවු කළා.අපි සියලු රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේත් අනුග්‍රහය ඇතිව ළමා ශ්‍රමය පිටු දැකීමට කටයුතු කළා. මුලින් ම ළමා ශ්‍රමිකයන් පිළිබදව රත්නපුර දිස්ත්‍රික්කයේ සමීක්ෂණයක් සිදු කර එහි
තොරතුරු සදහන් කරගෙන ළමා සංවර්ධන කමිටු පිහිටුවනු ලැබුවා.එමගින් යම් සාර්ථකත්වයක් අපි ළගා කර ගත්තා.ඒත් කොළඹ ඊට වඩා සංකීර්ණයි. ළමයින් විශාල ලෙස සේවයේ යොදා ගන්නවා.ඔවුන් හදුනාගැනීම අපහසුයි.කොළඹ ජනගහනය වැඩියි,ළමා අපචාර සිද්ධි වැඩියි.ළමයින් සේවයේ යොදවා ගැනීම ඉතාමත් සූක්ෂම අයුරින් සිදු වෙනවා. ඒ නිසා
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටවත් ,කම්කරු දෙපාර්තමේන්තුවටවත් තනියම මේ කටයුත්ත කරන්න බැහැ.සියලු දෙනාගේ අනුග්‍රහය කැපවීම අත්‍යවශ්‍යයි. ඒ අනුව සැලැස්මක් ක්‍රියාත්මක කළොත් අපට කොළඹ දිස්ත්‍රික්කයේ ළමා ශ්‍රමය ලබා ගැනීමේ ගැටළුවෙන් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගත හැකි වනු ඇතැයි පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කළාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා මහතා විසින් මෙහිදී සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ දී ළමුන් සදහා ත්‍යාග ප්‍රදානයක්,නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් හා පාසල් ළමුන් සහභාගී වූ ළමා ශ්‍රමය පිටු දැකීමේ තේමාව රැගත් දැවැන්ත පෙළපාලියක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න , කම්කරු හා වෘත්තිය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය උපාලි සමරවීර යන මහත්වරුන්ද සහභාගී විය.
AP/DMU-Colombo