නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් අවතැන් ජනතාවට කඩිනම් සහන

    ඔක්තෝබර් 04, 2015

    ගංවතුරෙන් හා නාය යැම්වලින් දැනට අවතැන්ව සිටින පිරිස්‌ සඳහා කඩිනමින් සහන ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

    නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වෙදමුල්ල වත්තේ සිදුවූ නාය යැමෙන් ජීවිත හානි 7 ක්‌ වාර්තා වූ අතර පවුල් 19 ක්‌ අවතැන් විය. ඒ අනුව ඔවුන්ට තාවකාලික වාසස්‌ථාන තනා ගැනීම සඳහා රු. 4,000,000 ක මුදලක්‌ රජය විසින් මුදාහරින ලදී. ආපදාවන්ට ලක්‌විය හැකි අවදානම් සහිත ස්‌ථානවල පදිංචි පවුල් 19 ක්‌ වහාම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ. එමෙන්ම ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පැවති ගංවතුර තත්ත්වයෙන් පවුල් 3411 ක පුද්ගලයන් 13057 ක්‌ පීඩාවට ලක්‌ වී ඇත. මේ නිසා නිවාස 14 කට පූර්ණ හානි සිදුවී ඇති අතර තවත් නිවාස 52 කට අර්ධ හානි සිදුවී ඇති බව වාර්තා වේ.

     

    එමෙන්ම මාතර දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන ගණනාවක්‌ ජලයෙන් යට වූ අතර පවුල් 1519 ක පුද්ගලයන් 5860 ක්‌ අවතැන් වූහ. නිවාස 59 ක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 107 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත. අවතැන් වූ පිරිස්‌ කඳවුරු 6 ක රඳවා තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම කටයුතු අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.

     

    ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ සහ මාතර දිස්‌ත්‍රික්‌කයේ පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මිලියන 2 ක මුදලක්‌ ද, නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අවතැන්ව සිටින පවුල්වලට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 2 ක්‌ ද ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya