මේ සදහා රුපියල් ලක්ෂ 280 ක මුදලක් මේ වසර අවසාන විමට ප්‍රථම ලබා දිමට හැකියාව තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මේ සදහා දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම විසිරී සිටින දැනට ස්වයං රැකියාවල නිරත වී සිටින සහ ස්වයං රැකියාවක් කිරිමට බලාපොරොත්තු වන අයට මේ සඳහා ඉදිරිපත් විය හැකි බවත් තමන් විසින් කිරිමට අපේක්ෂා කරන ස්වයං රැකියාවට අදාල නිෂ්පාදන සාම්පල් සහ විධිමත් ඉලක්ක සහිත ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතා පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් සංගමයේ රැස්විමකට සහභාගි වූ අවස්ථාවේ දීය.
මෙහි දි වැඩි දුරටත් කථා කළ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ එසේ ස්වයං රැකියා සදහා ආධාර ලබා ගැනිමට බලාපොරාත්තු වන්නන් සෑබෑ තොරතුරු අවංකව ඉදිරිපත් කළ යුතු බවත් ආධාර ලබන්නන්ගේ ව්‍යාපර කටයුතු පිළිබඳව නිරන්තර පසු විපරම් කරන බවත් ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළදපල අවස්ථා ලබා දිමට වැඩ පිළිවෙලක් සකස් කරන බවත්ය. එමෙන්ම ආධාර මුදල් ගෙන ව්‍යාපාර දියුණු කිරිමට යොදා නොගෙන වෙනත් කටයුතුවලට යොදා ගෙන වාර්තා වුවහොත් ඉදිරියේදී එවැනි කිසිදු ආධාර මුදලක් ලබා නොදෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මෙම අවස්ථාවේදි ආබාධ සහිත වුවන් තමන්ගේ නිෂ්පාදන දිසාපතිවරයාට පෙන්වූ අතර මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි ධර්මරත්න බණ්ඩා මහතා , දිස්ත්‍රික් ආබාධ සහිත වූවන්ගේ සංගමයේ සභාපති එච්.එම්. කරුණාරත්න, ලේකම් එන්.ජී. වසන්ත සමන් සිල්වා, භාණ්ඩාගාරික එම්. ඒ. අජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
AP/DMU-Matale