මෙම උත්සවයට කලාප,දිස්ත්‍රික් හා පළාත් හි වැඩිහිටි බලමණ්ඩල නිලධාරින් ද ඇතුලත්ව දිවයිනේ ප්‍රදේශ රැසකින් වැඩිහිටියන් 1000 ක පිරිසක් සහභාගී විය. වැඩිහිටියන්ගේ කුසලතා ඇගයීම ද මීට සමගාමීව සිදුවිය.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ, ග්‍රාමීය මට්ටමින් විවිධ සමිති සමාගම් හරහා වැඩිහිටියන් සමුහගත විම වර්තමානයේ දක්නට ලැබෙන සුභවාදී ප්‍රවණතාවක් බවයි. වැඩිහිටියන්ගේ සුරක්ෂිත බව සදහා වැඩිහිටි නිවාස වැඩි දියුණු කිරීම කාලෝචිත බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, ආණ්ඩුකාර පී.බී. දිසානායක, යන මහත්වරුන් හා තවත් මැති ඇමතිවරුන් රැසක් ද , අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික් පරිපාලන නිලධාරින් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්විය.
AP/DMU-Anuradhapura