එම අවස්ථාව සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් අසංග රණසූරිය මහතා සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
“සොදුරු මිනිසෙකු නිර්මාණය කෙරෙන සාහිත්‍ය හා කළාව” යන තේමාව යටතේ පැවති මෙම විචිත්‍රවත් උළෙලට සහභාගී වූ විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතුවල නියැලෙන දූ දරුවන් හට රු. 5000 බැගින් වූ ත්‍යාග වවුචර්පත් 30ක් නාවික හමුදාව වෙනුවෙන් ශික්ෂා ආයතනයේ ආඥාපතිතුමන් විසින් පිරිනමන ලදී.
දේශයේ සාහිත්‍ය උරුමයන් මතු පරපුරට දායාද කිරීමේ අවශ්‍යතාවය ප්‍රචලිත කිරීම වෙනුවෙන් සංවිධානය කළ එම උත්සවයෙහි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට නොමසුරුව සහයෝගය ලබා දුන් නාවික හමුදාවට එහිදී සංවිධායකයන් විසින් සිය හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමන ලදී.
navy.lk