මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත්කිරීමට රජය ගෙන ඇති තීරණය කි‍්‍රයාවට නැංවීමේදී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ඉටු විය යුතු සේවාවන් කඩිනමින් ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. එම කාර්යාලයේදී සියළු නිලධාරීන්ගේ හා සේවකයින්ගේ සහය තමන් වෙත නොමඳව ලැබිය යුතු බවත් මෙම අමාත්‍යාංශය යටතේ පාර්ලිමේන්තුවෙහි නව පරිවර්තනයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරන බව ඇමතිවරයා පැවසීය.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් රජය සිදුකිරීමට උත්සහ කරන වෙනස පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කමිටුවක්ද පත්කර ඇති අතර, හිටපු මහලේකම්වරු හිටපු සභානායක ලේකම්වරු පවා මෙම කමිටුවෙහි සිටින බවද, ඇමැතිවරයා කියා සිටියේය.
තවදුරටත් එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
“පසුගිය වකවානුවේදී මේ අමාත්‍යාංශයෙන් සිදුවුනේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අවශ්‍ය පහසුකම් සොයා බැලීම පමණයි. වාහන පර්මිට් ලබා ගැනීම හා තවත් පහසුකම් ලබාගැනීමට හැකියාව තිබේද දැයි සොයා බැලීමට මමත් මෙම අමාත්‍යාංශයට අවස්ථා ගණනාවක් පැමිණ තිබෙනවා. නමුත් මෙම අමාත්‍යාංශය දැන් විශේෂ අමාත්‍යාංශයක්. පාර්ලිමේන්තුවේ නව පරිවර්තනයක් ඇති කිරීමට රජය උත්සාහ දරනවා. එහිදී අපගේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් සුවිශේෂි කාර්යය භාරයක් ඉටු කිරීමට සිදුවෙනවා.
කෘෂීකර්ම අමාත්‍යාංශයට අයත්ව තිබූ ඉඩම් කොටසක්ද පාර්ලිමේන්තුවට පවරා ගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තියෙනවා. එම පවරා ගැනීම සිදුකරන්නේ නව වෙනස්කම් සිදුකිරීම වෙනුවෙන්. ඒ වගේම මෙම අමාත්‍යාංශය සමඟ මට ජනමාධ්‍ය අමාත්‍යාංශයත් පැවරී තිබෙනවා. එම අමාත්‍යාංශයත් සංවේදී අමාත්‍යාංශයක්. මේ සියළු කටයුතු නිවැරදිව සමබරව ඉටුකිරීමට ඔබ සැමගේ සහාය අවශ්‍යයි.
මා සමඟ සුහඳව වැඩකල හැකියි. සේවකයන් ලෙස ඔබට ඕනෑම මොහොතක් මා සමඟ සාකච්ඡා කල හැකියි. ඔබගේ ප‍්‍රශ්න වලට ඇහුම්කන් දීමට මම ඕනෑම මොහොතන සුදානම්.“ බවය.
SDF