නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමති දයා ගමගේ අතින් සංවර්ධන යෝජනා රැසක් ජනතා අයිතියට

    ඔක්තෝබර් 02, 2015

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඉදි කෙරුණු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අතින් ඊයේ (01) ජන සතු කෙරිණි.

    ඒ අනුව, පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය සේරුපිටිය ග්‍රාමයට පැමිණි දයා ගමගේ මහතා සේරුපිටිය ග්‍රාමීය මාර්ගය විවෘත කළේය. සේරුපිටිය විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කළේ ඉන් පසුවයි.

     

    මේ අතර ඊයේ පස්වරුවේ දී අමාත්‍යවරයා විසින් ලිහිණියාගම ග්‍රාමීය මාර්ගය ද ජනතා අයිතියට පත් කරනු ලැබීය.

     

    නාගස්තලාව ග්‍රාමයට කාලයක සිට මහත් අඩුපාඩුවක්ව පැවති ග්‍රාමීය මාර්ගයක අවශ්‍යතාව සම්පූර්ණ කරමින් නාගස්තලාව ගමට පිවිසෙන මාර්ගය ද ජනතා අයිතියට පත් කළේ ද දයා ගමගේ මහතා විසිනි. ඉන් පසුව, ඔහු විසින් නාගස්තලාව ප්‍රජා ශාලාව ද ජනතා අයිතියට පත් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya