එයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් ආහාර නිෂ්පාදන වැඩ සටහන එදිනම පෙ.ව 10.00 ට ගාල්ල ලබුදූව රජයේ ගොවිපල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.පළතුරු, එළවළු බෝග සහ දීර්ඝකාලීන බෝග පැල බෙදා දීම සහ ප්රදර්ශනයක්ද මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මෙම වැඩසටහන ජාතික මට්ටමින් සියළු දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඒ සදහා දායකත්වය සපයයි. දේශිය නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය, මත්ස්‍ය හා ජලජීවී වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සහ වැවිලි බෝග නිෂ්පාදනය පුළුල් කිරීම කෙරේ මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.
AP/DMU-Galle