නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ 6,000 ට අධික පිරිසක් අවතැන්

    සැප්තැම්බර් 30, 2015
     
    මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක (12)  පුද්ගලයින් 6,247 ක් මේ වන විට අවතැන් වී තිබේ. 
    මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, තිහගොඩ, වැලිගම හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර තත්ත්වයන් මීට බලපා ඇත. මෙම ආපදා හේතුවෙන් මාතර කැකණදුර ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර පුද්ගලයින් හයදෙනෙකු සුළු තුවාල ලබා තිබේ.පූර්ණ නිවාස හානි 88 ක්, අර්ධ නිවාස හානි 141 ක් හා වෙනත් දේපළ හානි 04 ක් මේ වන විට වාර්තා වේ.
     
    සුරක්ෂිත මධ්‍යස්ථාන 07 ක පුද්ගලයින් 2,211 ක් සදහා පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති අතර විපතට පත් වූවන් සදහා පිසූ ආහාර ලබා දීමට ද කටයුතු කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසුවාය.
     
    අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ම මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට ද බාධා පැමිණ තිබේ.අධික වැස්ස හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල දරුවන්ගේ පැමිණීමද ඉතා අවම මට්ටමක පවතී. ඇතැම් පාසල්වල පස් කදු කඩා වැටීම් හා නායයෑම් අවදානම් තත්ත්වයක් ද පවතින අතරදක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට වර්ෂාවෙන් බාධා සිදු වී ඇත.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya