මෙම කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු පළමුව කතානායක කරූ ජයසූරිය මහතා හමු විය.
පසුගියදා කොරියාවේ සෝල් නුවර දී අවසන් වුණු දකුණු ආසියානු දේශපාලන පක්ෂ සංසදයේ මාධ්‍ය සමුළු සැසිවාරයේ දී එම සැසිය නියෝජනය කළ කොරියානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස වෙත අනෝමා ගමගේ මහත්මිය විසින් සිදු කළ මෙම ආරාධනය පිළිගෙන ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
මෙම ධූත පිරිසට කොරියානු ජාතික සභාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා සුභසාධන කාරක සභාවේ සභාපති කිම් දූන් ජින්, කෘෂිකර්ම, ආහාර, ග්‍රාමීය කටයුතු, සාගර හා ධීවර කාරක සභාවේ සභාපති පාර්ක් මින්සූ, සෞඛ්‍ය හා සුභසාධන කාරක සභාවේ සාමාජික චෝයි ඩොන් ඉක් යන මන්ත්‍රීවරුන් ද අයත් වෙති. ඊට අමතරව දකුණු ආසියානු දේශපාලන පක්ෂ සංසදයේ සහකාර අධ්‍යක්ෂ කින් සියොන් යියෝන්, සෞඛ්‍ය කාරක සභා සභාපතිතුමන්ගේ ලේකම් පාර්ක් ඉල් නාම්, ශ්‍රී ලංකාවේ සිටින කොරියානු තානාපති චන් වොන්-සැම් යන මහත්වරුන් ද කොළඹ පිහිටි කොරියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ජුන් ජි සන් මහත්මිය ද මෙම ධූත පිරිස නියෝජනය කළහ.
දෙරට අතර පවතින වෙළඳ, දේශාපාලන සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත්ව හා පුළුල්ව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ. එසේම, ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස කරනු ලැබූ ආරාධනයට ද මෙරට දී දක්වනු ලැබූ ආගන්තු සත්කාරයන්ට ද කොරියානු ධූත පිරිස විශේෂ ප්‍රශංසාවක් පිරි නැමූහ.
SDF