මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3,604 ක සාමාජිකයින් 13,576 දෙනෙකු අවතැන් වී සිටී. එමෙන් ම නිවාස 20ක් පූර්ණ හානියට පත්ව ඇති බවත් නිවාස 60ක් අර්ධ හානියට පත්ව ඇති බවත් ගාල්ල ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දන්වයි.
එමෙන් ම සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක සාමාජිකයින් 188 දෙනෙකු රැඳී ඇති අතර සියළු දෙනාටම අදාල ආහාර සහ සෙසු පහසුකම් කඩිනමින් ලබා දීමට සහන සේවා නිලධාරීන් කටයුතු යොදා තිබේ.
AP/DMU-Galle