මෙම විශ්ව ළමා දින සැමරුම පාසල් දරුවන් 3000 ක ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ. මෙහිදී විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට අමතරව ලබන 09 වනදා දක්වා පාසල් 14 ක දරුවන් දැනුවත් කීරීමේ වැඩමුළු පාසල් මට්ටමින් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.
ළමා ආරක්ෂණ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරි එම්.එම්. මහේන්ද්‍ර දසනායක මහතා පැවැසුවේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් පිළිබදව පුර්ණ තොරතුරු ලැයිස්තුවක් ඔක්තෝම්බර් මාසය ඇතුලත දී ලබා ගැනීමේ කටයුතු ද මේවන විට ආරම්භ කර ඇති බවයි.
AP/DMU-Anuradhapura