ලෝක ජනාවාස දිනය නිමිත්තතෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (28) එම අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේය.
මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වී ඇත්තේ ”විවෘත භූමිය සැමට” යන්නයි.
ලෝක ජනාවාස සතිය තුළ ඉටුකිරීමට නියමිත් වැඩසටහන් අතරට දිස්ත‍්‍රික් මට්ටමින් නිවාස ව්‍යාපෘති පිළිසකර කිරීම, නිවාස සමිති වල ක‍්‍රියාකාරීත්වය ප‍්‍රවර්ධනය කිරීම, මහල් නිවාස ප‍්‍රතිසංස්කරණය, නිවාස 50,000 වැඩසටහන තුළින් ආරම්භ වූ ගම්මාන විවෘත කිරීම, හිමිකම් බදු ඔප්පු 1000 ක් ප‍්‍රදානය කිරීම, උතුරු නැගෙනහිර බල ප‍්‍රදේශ වල ඔප්පු ප‍්‍රදානය කිරීම, දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ග‍්‍රාමීය නිවාස කමිටු ස්ථාපනය කිරීම, නිවාස සමිති පිහිටුවීම, දරුවන් සඳහා චිත‍්‍ර තරඟ, රචනා තරග පැවැත්වීම, අඩුපහසුකම් ජනාවාස සංවර්ධනය, ශිල්පීන් 2000ගේ සහභාගීත්වයෙන් නාට්‍ය තරග පැවැත්වීම, ක‍්‍රීඩා කුසලතා වර්ධන වැඩසටහන් සහ ප‍්‍රජා නායකයන් 1000 ක් පුහුණු කිරීම ආදී වැඩසටහන් ඇතුළත් වේ.
ලෝක ජනාවාස දින සැමරුම හුදු වචන මාලාවකට, සම්මන්ත‍්‍රණ, සාකච්ඡා ආදිය වලට පමණක් සීමා නොකර රටේ ජනතාවගේ හිතට, ගතට දැනෙන ආකාරයේ ප‍්‍රායෝගික වැඩසටහනක් බවට පත්කිරීම තමාගේ අපේක්ෂාව බවත් ඒ අනුව එක් දිනකට පමණක් සීමා නොවී මාස තුනක් පුරාවට ඉහත කී ව්‍යාපෘති සිදු කරගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
බදු ඔප්පු සහ හිමිකම් ඔප්පු සම්පූර්ණ කරන ලද වව්නියාව බල ප‍්‍රදේශයේ, මුලතිව් බල ප‍්‍රදේශයේ සහ අනෙකුත් බල ප‍්‍රදේශ වල සිටින සියළුම ජනතාවට ලෝක ජනාවාස දිනය නිමිත්තනේ තබන මූලික පියවරක් හැටියට මෙම ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. කේ. කේ. අතුකෝරාල, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
SDF