නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ප්‍රාදේශිය ලේකම්වරුන්ට මනෝ සමාජිය උපදේශන වැඩසටහනක්

    සැප්තැම්බර් 23, 2015
     
    පුද්ගල මනස නිරවුල් කිරිම හරහා ආකල්ප යහපත් කිරිම මිළ කළ නොහැකි කටයුත්තක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී . කුමාරසිරි මහතා පැවසීය. එතුමා ඒ බව සදහන් කළේ, අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්වරුන් සදහා රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනයේ පැවැති මනෝ සමාජීය උපදේශන වැඩසටහනට සහභාගී වෙමිනි. 
    සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ජාතික මනෝ විද්‍යා උපදේශන ආයතනය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී මනෝ වෛද්‍යවරුන් හා මනෝ විද්‍යා උපදේශකවරුන් විසින් මානසික සෞඛ්‍ය වර්ධනය කරගැනීම පිළිබදව න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහන් රාශියක් පැවැත්වීය. 
     
    ලාංකීය සමාජයේ පුද්ගල ශක්‍යතා හා ස්වයං විශ්වාස වැඩි දියුණු කිරිම තුලින් ඔවුන් සමාජ සංස්කෘතික සංවර්ධනයට සාර්ථකව දායක කරගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණයි. 
     
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya