මෙහි මුලික සැලසුමට අනුව 2016 - 2018 වර්ෂය දක්වා වසර තුනක කාලය තුල දී දේශිය ආහාර අවශ්‍යතාවයේ සියලු ඉලක්ක සපුරාගත යුතුය. මේ පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අදාල සියලු පාර්ෂව දැනුවත් කිරිම දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී . කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කන්න රැස්වීම් පදනම් කරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වත්මන් කෘෂිකාර්මික හා ආහාර පරිභෝජන රටාව තුල විවිධ රෝගී තත්ත්වයන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මෙය ශ්‍රි ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට බාධාවක් වී ඇත.
එමෙන්ම වැඩිවන ජනගහනය සමග ආහාර ඉල්ලුම ද වැඩී වි තිබේ. අවිධිමත් රසායනික භාවිතය, යෝග්‍ය තාක්ෂණය භාවිත නොකිරිම , තරුණ ප්‍රජාව කෘෂි අංශයෙන් වෙන්වීම, අතිරේක ආහාර සංචිත වල සුරක්ෂිතතාවය පිළිබදව ගැටලුව , නිෂ්පාදනය කරන ආහාරවල ගුණාත්මක බව අඩු වීම, ආදී සාධක ගණනාවක් දෙස බලන කළ, අප ජීවත් වන්නේ ඉතා ප්‍රමිතිගත කෘෂි ආර්ථික රටාවක් අවශ්‍යම කාලයකය.
දේශිය ආහාර භෝග නිෂ්පාදන ජාතික වැඩසටහන ආරම්භ කරන්නේ මෙකී සියලු සාධක පදනම් කරගෙනයි. ඒ අනුව කෘෂි පාරිසරික කලාප පදනම් කරගත් භෝග නිෂ්පාදන වැඩසටහන් සැලසුම් කිරිම , නිෂ්පාදන කාර්යයේ දී යෝග්‍ය තාක්ෂණය යොදාගෙන නිෂ්පාදන ඵලදායිතාව ඉහල නැංවීම , දේශිය ආහාර නිෂ්පාදනයට අදාල සියලු අංශ අතර මනා සම්බන්ධිකරණයක් ඇති කිරිම , පාසල් ප්‍රජාව, සිවිල් සංවිධාන හා මහජනතාව ගේ එදිනෙදා ජීවිතයට මෙය බද්ධ කිරිම , ආදිය මගින් සෞඛ්‍ය සම්පන්න පරපුරක් රටට දායාද කිරිම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යංශයේ පුර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර වැඩසටහන සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පත්කර ඇත.
AP/DMU-Anuradhapura