ඒ අනුව එක් දිස්ත්‍රික්කයකින් මූලික ඉදිකිරීම් පමණක් නිමකර ඇති බිත්තර කපරාරු කර නොමැති නිවාස 1000බැගින් තෝරාගන්නා අතර එම එක් නිවසක් සඳහා රුපියල් 10,000 බැගින් වූ උපරිමයකට යටත් ව ගොඩනැගිලි ද්‍රව්‍ය පමණක් සපයා දෙනු ලැබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250ක් මුදලක් වෙන් කොට ඇත.
ලෝක ජනාවාස දිනය ඔක්තෝම්බර් 05දාට යෙදී ඇති අතර එදින සිට ඔක්තෝම්බර් 12දා දක්වා කාලය ජනාවාස සතිය ලෙස ද නම් කොට ඇත. මෙවර ජනාවාස දිනයේ තේමාව වී ඇත්තේ "සැමට පොදු ඉඩකඩ යන්නයි".