පින්නවල මා ඔයට හා සත්වෝද්‍යානයට යාබද පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ ඉදිවන මෙම ගම්මානය අක්කර 04කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.
මෙහිදී ආරච්චි නිවස, වෙද ගෙදර, කම්මල් කර්මාන්තය, අත්යන්ත්‍ර රෙදිපිළි කිර්මාන්තය ආශ්‍රිත නිවාස ඇතුළු පැරණි ගම්මානයක් සතු වන විවිධ අංගෝපාංගයන්ගෙන් සමන්විත වන ආකාරයෙන් නිර්මාණය කොට ඇත.
මේ වන විටත් රඹුක්කන පින්නවල ප්‍රදේශය සංචාරක කලාපයක් ව පවතින නමුත් මේ හරහා ඉදිරියේ දී ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසකට තවත් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි සබරගමුව පළාත් සභාව විශ්වාසය පළ කරති.