හජ් උත්සව දිනට පසු දින වන ලබන 25 වැනි දා සිකුරාදා දිනයක් වන අතර මුස්ලිම් පාසල් සිකුරාදා දිනවල පෙරවරු 11.30ට අවසන් වේ. ඒ අනුව හජ් උත්සව දිනට පසු දින ගුරුවරුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම අඩු විය හැකි බැවින් මුස්ලිම් පාසල්වලට හෙට නිවාඩු ලබා දීමට තීරණය කොට තිබේ.
එසේම එම නිවාඩු දිනට හිලව් සැසියක් 2015.10.03 වැනි සෙනසුරාදා දින පැවැත්විය යුතු බවට වන කොන්දේසිය මත මෙලෙස නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හෂිම් මහතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කළ ඉල්ලීමට අනුවය.