මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේ අද (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ධර්මසේන මහතා පැවසුවේ පසුගිය දිනවල විවිධ ජන මාධ්‍ය මගින් නොයෙක් ප්‍රදේශවල වී මිලදී ගැනීමේදී ගැටළු පවතින බවත්, එයින් ගොවීන් විශාල ලෙස අපහසුතාවයට පත්ව ඇති බවටත් ප්‍රවෘත්ති පළ කළ බවයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රදේශයේ ගොවීන්ට එවැනි කිසිදු අපහසුතාවයකට මුහුණ දීමට සිදු නොවූ බව පෙන්වා දුන් ඔහු ඒ පිළිබඳ රජයට තම ස්තූතිය පළ කරන බවද පැවසීය. එම කටයුතු මනාව සම්බන්ධීකරණය කළ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාට සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට තම සංගමයේ ස්තූතිය පළ කරන බවද ඔහු පැවසීය.
ඉදිරියේදී වී මිළදී ගන්නා ගොවි මහතුන් වෙත ලබා දෙන අයදුම්පත බෙදා දීම විධිමත් කිරීම අවශ්‍ය බවද පෙන්වා දුන් ඒ මහතා ප්‍රමාණවත් පරිදි එම අයදුම්පත් ගොවි ජනතාව වෙත බෙදා දීම සිදු කළ යුතු බවද පෙන්වා දෙන ලදී. මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර මහතා පැවසුවේ එම අයදුම්පත් ලබා දීමේදී සැබෑ ගොවියාගේ අතටම එම අයදුම්පත පත් කළ හැකි, විනිවිද පෙනෙන වැඩසටහනක් එළඹෙන කන්නයේ වී මිලදී ගැනීමේදී යොදා ගැනීමට අවශ්‍ය කටයුතු වී අලෙවි මණ්ඩලය මුල් වී සකස් කළ යුතු බවයි.
මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා මේ වන විට රජය මගින් රුපියල් මිලියන 41 ක මුදලක් ලබා දී තිබෙන අතර, දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගේ අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7000 ක් ගබඩා කිරීමට ගබඩා පහසුකම් තිබේ. වී අලෙවි මණ්ඩලය මගින් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 896 ක් මිලදී ගෙන ඇති අතර, එයින් සුදු නාඩු කිලෝග්‍රෑම් 7 ලක්ෂ පනස් දහස් 450 ක් මිලදී ගෙන තිබේ. සුදු සම්බා කිලෝග්‍රෑම් එක් ලක්ෂ තිස් දහස් අටසියයක් මිලදී ගෙන ඇති අතර, කීරි සම්බා කොලෝග්‍රෑම් 8050 ක් ද ඊට අයත්ය. මිලදී ගෙන ඇති රතු නාඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 7450 කි. ගබඩා පහසුකම් ඇති බැවින් අපපහසුවකින් තොරව ඉතිරි වී ප්‍රමාණයද මිලදී ගත හැකි බව වී අලෙවි මණ්ඩලයේ සහකාර ප්‍රාදේශීය කළමනාකරු ජී.ඒ.ටී. නිශාන්ත ගුරුසිංහ මහතා කමිටුව හමුවේ පැවසීය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණි මුණසිංහ, මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය වයි. කැටිපේආරච්චි ඇතුළු රජයේ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන්ද මෙම කමිටුවට සහභාගී වූහ.
SDF/TKA_dmu_Kandy