නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාරස්සන ගෙඩි හට නොගන්නා ගෝවා ගැන පරීක්ෂණයක් ඉල්ලයි

    සැප්තැම්බර් 23, 2015

    පාතහේවාහැට මාරස්සන ප්‍රදේශයේ වගා කළ ගෝවා, ගෙඩි බවට පත්‍ නොවීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා වෙත දැනුම් දී ඉක්මනින් ගොවීන්ට අවශ්‍ය උපදෙස් සහ සහන ලබා දීමට කටයුතු කළයුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති එච්.එම්. හිටිසේකර මහතා පවසයි. ඒ අනුව මේ පිළිබද සුදුසු පරීක්ෂණයක් ලේකම්වරයා විසින් සිදු කරනු ඇති බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.  හිටිසේකර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් විසින් කමිටුව වෙත ඉදිරිපත් කර තිබූ ලිපියක් සම්බන්ධයෙන් කරුණු විමසමිනි.

    එළවළු බීජ ‍‍ගෙන්වන පෞද්ගලික සමාගමක් විසින් මෙම ඩ්‍රැගන් වර්ගයේ ගෝවා බීජ ගෙන්වා මාරස්සන ප්‍රදේශයේ ගොවීන් වෙත ලබා දී තිබේ. මෙම බීජ රජය මගින් නිර්දේශ කිරීමක් සිදු කොට නැතත් ගොවීන් සමාගම කෙරෙහි විශ්වාසය තබා ඒවා වගා කොට ඇත. ඒ අනුව මාරස්සන ප්‍රදේශයේ ගොවි පවුල් 26 ක් අක්කර 12 කට වැඩි ප්‍රමාණයක මෙම බීජ වගා කොට ඇති නමුත් මෙතෙක් මෙම ගෝවා ප්‍රභේදයේ ගෙඩි හට ගෙන නොමැත.‍ එබැවින් මාරස්සන ප්‍රදේශයේ ගොවීන්ගේ ඉල්ලීම මත මේ බව පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත යොමු කොට තිබේ.

     

    අදාළ ලිපියේ තොරතුරු සැලකිල්ලට ගත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා අදාල සමාගමෙන් මේ පිළිබඳ කඩිනමින් කරුණු විමසා ගොවි ජනයාට සහනයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස දැනුම් දුන් අතර, බීජ වර්ග ලබා ගැනී‍මේදී රජයේ ලියාපදිංචි කළ බීජ පමණක් වගා කිරීමට ගොවී ජනතාව ද දැනුවත් කරන ලෙසත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

     

    මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මුණසිංහ මහතා සහ මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වයි. කැටිපේආරච්ච් මහතා ඇතුළු කෘෂිකර්ම කමිටුවේ සමාජික නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක්ද මෙම කමිටුව සඳහා සහභාගී වූය.

     

    SDF/TKA_dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya