පසුගියදා කටුනායක, බියගම හා අවිස්සාවේල්ල අපනයන ප්‍රවර්ධන කලාප නිරීක්ෂණ චාරිකාවක නිරත වූ පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් අමතමින් අමාත්යවරයා සඳහන් කළේ අපේ අරමුණ මෙම කලාප වෙත ආයෝජකයින් 5,000ක් පමණ ආකර්ෂණය කරගනිමින් රටේ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා මිලියනයක් නිර්මාණය කිරීම බවයි.
කොළඹ නාවික, ගුවන් හා මූල්‍ය සේවා මධ්‍යස්ථානය බවට පත්වන අතර ත්‍රිකුණාමලය හා වන්නි කිලිනොච්චි ප්‍රදේශ විශේෂයෙන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වෙන් කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මහනුවර, ගාල්ල සහ යාපනය තොරතුරු තාක්ෂණය සහ අනෙකුත් තාක්ෂණික කර්මාන්ත සඳහා මධස්ථානයන් ලෙස හඳුනාගෙන ඇති බවත් ද අපනයන මැණික් හා ස්වර්ණාභරණ සඳහා කේන්ද්‍රස්ථානයක් ද ස්ථාපිත කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
සහල්, රබර්, තේ, පොල්, පළතුරු, සත්ත්ව පාලනය හා මල් වැනි අනෙකුත් අපනයන ඉලක්ක කර ගත් නිෂ්පාදන සඳහා විශේෂිත කෘෂි කලාප 23ක් ද බිහි කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා රජයේ සැලැස්ම පැහැදිළි කරමින් පැවසීය. තවත් එවැනි විශේෂිත කලාප දෙකක් මහවැලි කලාපයන් තුළ නිර්මාණය වනු ඇති බවත් ඒ එක් පද්ධතියක් මහවැලි ‘බී‘ පද්ධතියේ දකුණු ඉවුරේ හෙක්ටයාර 800ක ඉදි වන අතර අනෙක මහවැලි ඒ‘ පද්ධතියේ හෙක්ටයාර 12,000ක ඉදි කෙරෙනු ඇතැ යි ඔහු කියා සිටියේය.
මෙම සංවර්ධන ක්‍රියාවලිය තුළ මෝටර් රථ, මෝටර් සයිකල්, ලොරි රථ හා බස් රථ නිෂ්පාදනය සඳහා ද වෙන් වෙන්ව නිෂ්පාදන ඒකක වනු ඇතැයි අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
SDF