සාමාන්‍යයෙන් දේශීයව වගා කරන ලොකු ළූණු සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාල වකවානුව තුළ වෙළද පොළට එන බැවින් මෙතෙක් ලොකු ළූණු කිලෝග්‍රෑමයකට රුපියල් 10/- ක්ව පැවති ආනයනික ගාස්තුව අද දින සිට රුපියල් 20/- කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් භාණ්ඩාගාර නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
2014 වසරේ ලොකු ළූණු අස්වනු නෙළීම අවසන් වූ පසුව මේ සඳහා පැවති ගාස්තුව පසුගිය දෙසැම්බර් මාසයේදී කිලෝවකට රුපියල් 10/- දක්වා අඩු කරන ලදී.
දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් මෙවන් පියවර නිරතුරුව ගනු ලබන අතර පසුගිය සතියේදී ආනයනික අර්තාපල් සඳහා පැවති ගාස්තුව ද කිලෝ එකකට රුපියල් 10/- කින් වැඩි කරන ලද අතර ලෝක වෙළදපොලේ සීනි මිල සීඝ්‍ර ලෙස පහළ යෑමේ වාසිය දේශීය සීනි කර්මාන්තකරුවන් වෙත ලබා දීමේ අරමුණින් සීනි සඳහා වූ විශේෂ වෙළද බද්ද කිලෝවකට රුපියල් 12/- කින් වැඩි කරන ලදී.
කෙසේ වෙතත් සීනි අලෙවි කරන සිල්ලර මිල පාලනයේ කිසිඳු වෙනසක් නැති අතර පැකට් කරන ලද සීනි කිලෝවක් සඳහා රුපියල් 95/- ක් හා පැකට් නොකරන ලද සීනි කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල වන රුපියල් 88/- දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
SDF