සේවාරම්භක පුහුණුව ආරම්භ කරමින් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවේ, අලුතින් පත්වන නිලධාරින් තම සේවා ස්ථානය නවාතැන් පොලක් කරගැනීමට උත්සාහ නොගැනිමට වගබලාගත යුතු බවයි. විශේෂයෙන්ම රැකියාවේ ගරුත්වය ආරක්ෂාවන පරිදි තම සේවා කාලය අවසන් වන තෙක්ම කටයුතු කිරිමෙන් ජීවිතය අවසානයේ ඉතා ඉහළ සේවා තෘප්තියක් ලැබිමට හැකි වන බවද පැවසීය.
මෙම පුහුණුව දින 10 ක් පුරා පැවැත්වෙන අතර පුහුණුවෙන් පසු මෙම නිලධාරීන් අනුරාධපුර හා වවුනියාව යන දිස්ත්‍රික්ක වල රජයේ කාර්යාල වල සේවය සදහා යොමු කිරිමට නියමිතයි. .
AP/DMU-Anuradhapura