නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම කැකුළු ළමා සමාජ සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනැමේ

    සැප්තැම්බර් 16, 2015
     
    දිවිනැගුම කැකුළු ළමා සමාජ සාහිත්‍ය හා සංස්කෘතික දිස්ත්‍රික් තරඟාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    ගායනය, වාදනය, නර්තනය, කථික, නිවේදක, චිත්‍ර, ළමා කතාන්දර හා කෙටි නාට්‍ය ආදී වශයෙන් ඉසව් 12 ක්  යටතේ සමෘද්ධිලාභී පවුල්වල දූ දරුවන් වෙනුවෙන් මෙම තරඟාවලිය 
    පවත්වා ඇත. මෙහි සෑම ඉසව්වක් සඳහා ම ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරන ලදි.
     
    මීට අමතරව ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනෙහි වැඩිම කොඩි ප්‍රමාණයක් අලෙවි කළ නිලධාරීන් අගැයීම සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු කෙරිණි.
     
    සාහිත්‍ය තරඟාවලිය සඳහා අනුග්‍රාහකයන්ගෙන් හා දුම්වැටි විරෝධී කොඩි අලෙවියෙන් මූල්‍යමය දායකත්වය සපයා ඇත. 
     
    දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ සිරිල් කේ ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් දිවිනැගුම අංශය මෙම වැඩසටයන සංවිධානය කරන ලද අතර මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. 
    විදානගමාච්චි මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්, සමෘද්ධි පවුල්වල දෙමාපියන් හා දූ දරුවන් මේ අවස්ථාවට සහභාගි වූහ.
     
     
    Ap/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya